ව්‍යාජ ලේඛන හදලා: කොටුව උසාවි රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කරන ලදැයි සැකපිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (13) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

අධිකරණයෙන්  පනවා තිබු  ගුවන් ගමන්  තහනම  ඉවත් කළ බවට   මහේත්‍රාත්වරයා  නියෝගයක් නිකුත් කළැයි සඳහන් ව්‍යාජ ලේඛනයක්  ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි කියැවෙන්නේ.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles