මල් කැකුළු 614ක් අකාලයේ පරවෙයි – හද සසලවන කතාවක් ගාසා තීරයෙන්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් 614 දෙනෙක් දැනට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒත් සමග මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1900 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඒ අතර කාන්තාවන් 370 දෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 7500 ඉක්මවන බව ද විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙන අතර
ගාසා තීරයේ සිදු කළ මෙහෙයුම්වල දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබු පුද්ගලයන් පිරිසක ගේ සිරුරු කොටස් හමු වී ඇති බව ඊශ්‍රායල මාධ්‍යය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles