ඔන්ලයින් ජොබ්වලට එකතු වෙන්නෙ පරෙස්සමින්

රුපියල් කෝටි 10කට ආසන්න මුදලක්, ඔන්ලයින් රැකියා දෙන බව පවසා වංචා කළ බවට සැකපිට 34 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුට විරුද්ධව පැමිණිලි 34ක් පමණ ලැබී තිබූ බවයි වාර්තා වූයේ.

මූලික විමර්ශන වලදී වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුට අයත් රුපියල් ලක්ෂ 10ක තැන්පතු සහිත බැංකු ගිණුම් 3ක් හඳුනාගෙන ඇති බව සඳහන්.

සැකකරු කරන්දෙණිය, දෙනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සිකුරාදා (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles