තිරිසන් පහරදීම සිදුවන්නේ KD Express ආයතනයේ ද?

හැඩි දැඩි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් විසින් අමානුෂික තිරිසන් ආකාරයකට තරුණියකට පහරද දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹමින් තිබෙනවා.

මෙම සිදුවීම සිදුවන්නේ කුමන ස්ථානයකදැයි බොහෝ දෙනා සොයමින් සිටිනවා. මෙය සිදුවන්නේ කූරියර් සේවා ආයතනයක් තුළ බව අවට පරිසරයෙන් පෙනී යනවා. කෙසේ වෙතත් මෙරට දැනට ප්‍රසිද්ධ සන්නාමයක් දරණ රෙදි සමාගමක ලෝගෝව සහිත පෙට්ටි කිහිපයක්ද එහි දකින්නට ලැබෙනවා.

සමාජ මාධ්‍ය සටහන් සහ ප්‍රතිචාර අතර මෙම සිදුවීම සිදුවන්නේ KD Express නම් ආයතනයේ බවට සැක පහළ කර තිබෙනවා. අප එම ආයතනය ඇමැතූ විට එම සිදුවීම තමන්ගේ ආයතනයේ සිදුවූවක් නොවන බවට ඔවුන් විසින් පවසනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම තිරිසන් අමානුෂික පහරදීම සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම ආරක්ෂක අංශවල වගකීමක් බව සිහිපත් කළ යුතුව තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles