නාමල්ට විපක්ෂ නායක ධුරය?

පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිස ආණ්ඩුවෙන් වෙන්ව අසුන්ගෙන විපක්ෂ නායක ධුරය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබා දීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

මෙහිදී ඇමැතිකම් ලබාදීමේදී කුඩම්මාගේ සැලකිල්ලට ලක් වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිස මෙම යෝජනාවේදී පෙරමුණ ගෙන ඇතැයි දැනගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිව සිටින බැවින් මේ වන විට සමගි ජනබල‍වේගයට හිමිව ඇති විපක්ෂ නායක ධුරය එම පක්ෂයට හිමි කර ගැනීමට හැකි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට ද තීරණය වී ඇති බවයි දැනගන්නට ඇත්තේ.

මේ තීරණය ගතහොත් ආණ්ඩුව බිඳ වැටීමේ අවදානම තවත් පිරිසක් කර තිබෙනවා. තවත් පිරිසක් එයට විරෝධය දක්වා ඇති බවයි කියැවෙන්නේ. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පසුගිය දිනවල ඇමැතිකම් නොලැබීම ගැන තම නොසතුට පළ කර තිබූ අතර මේ වෙන්වීම පිටුපස ඔහු වැඩි කාර්යභාරයක් ඉටු කරන බවයි ආරංචි වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles