එකම උලෙළේ සම්මාන දෙකක් ලැබුණ ප්‍රසන්න

බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල් වරට පිරිනමා තිබුණ අනන්ත රාත්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය වෙනුවෙන් ද දකුණු කොරියාවේ 2023 බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ කිම් ජීසොක් සම්මානය දිනා ගෙන තිබෙනවා.

මලයාලම් බසින් නිර්මාණය වී ඇති පැරඩයිස් චිත්‍රපටය මිර්ලන් අබ්දිකලිකොව්ගේ ‘බ්‍රයිඩ් කිඩ්නැපින්ග්’ චිත්‍රපටය සමග එම සම්මානයට පාත්‍ර වුයේ පසුගිය සිකුරාදා (ඔක්. 13)යි.

2017 වසරේදී පිහිටුවන ලද කිම් ජීසොක් සම්මානය, ආසියානු සිනමාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ දිවංගත කිම් ජිසොක් අනුස්මරණය කිරීම පිණිස පිරිනමනු ලබනවා.

ඒ අනුව මෙය ලබා දුන්නේ ආසියානු සිනමාවේ සමකාලීන ප්‍රවණතා පිළිබිඹු කරන හොඳ ම චිත්‍රපට දෙක වෙත යි.

‘නිව්ටන් සිනමා’ විසින් නිෂ්පාදනය කරන ලද සහ මනි රත්නම්ගේ ‘මැඩ්‍රාස් ටෝකීස්’ විසින් ඉදිරිපත් කරන ලද ‘පැරඩයිස්’ චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ රූගත කර ඇති අතර, එය සංචාරක යුවළකට නිවාඩුවකදී මුහුණ දීමට සිදුවන සමාජයීය, පුද්ගලික සහ අභ්‍යන්තර අභියෝග පිළිබඳව විස්තර කරනවා.

රොෂාන් මැතිව්, දර්ශන රාජේන්ද්‍රන්, ශ්‍යාම් ප්‍රනාන්දු සහ මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස රජීව් රවී, සංස්කරණ ශිල්පියා ලෙස ශ්‍රීකර් ප්‍රසාද්, ශබ්ද නිර්මාණකරු ලෙස තපස් නායක් සහ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කේ. කටයුතු කර තිබෙනවා.

1996 වසරේදී මුල් වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතාන‌ගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටය දිනා ගත් අතර එය ඔහු විසින්නිර්මාණය කරන ලද දෙවන චිත්‍රපටය සහ ඔහු අන්තර්ජාතික අවධානය දිනා ගත් පළමු අවස්ථාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles