වංචනික ඖෂධ නිසා HIV පැතිරයාමේ අවදානමක්?

වංචනික අයුරින් ගෙන්වා රෝහල් වෙත බෙදා හැර තිබූ මානව ප්‍රතිදේහ රෝගීන්ට ලබා දීම හේතුවෙන් HIV- හෙපටයිටිස් බී-සී වැනි රෝග සමාජයේ පැතිර යාමේ අවදානමක් ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

නියමිත ක්‍රමවේදයට පිටින් වංචනික ලෙස ගෙන්වා ඇතැයි සැක කෙරෙන මෙම මානව ප්‍රතිදේහ කුප්පි 8000ක් පමණ රෝගීන් වෙත බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ. මේවා ප්‍රතිශක්තිය අඩු වී මරණාසන්නව සිටි රෝගීන් 1000කට වත් ලබා දෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මේ ඖෂධය ලබා දුන් පිරිස ගැන වහාම පරීක්ෂාවක් කළ යුතු බවයි එම වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.ඩී.කේ.එන්. යසවර්ධන කියා ඇත්තේ.

සෞඛ්‍ය සම්පන්න පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා මෙම ප්ලාස්මා නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තත්ව පාලන ක්‍රම යටතේ සිදුකළ යුතු බවත්, මෙවැනි අනියම් ක්‍රමවලින් ගෙනා ඖෂධ කුමන රෝග ඇති අයගෙන් ලබා ගන්නා ඒවා දැ යි කිව නොහැකි බැවින් උක්ත රෝග බෝවීමේ අවදානම ඉහළ බවත් වෛද්‍ය යසවර්ධන අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles