දෙරණ මාධ්‍ය ජාලය ඡායාරූප සොරකමේ: වන්දි සහ නඩු ගාස්තු ගෙවන්න නියෝග!

අමිල සී කුමාරසිංහ විසින් ලබාගත් කොළඹ නගරයේ කාලපරාස ඡායාරූපකරණයකින් (Timelapse photography) කොටසක් අවසර නොමැතිව ලබාගෙන විකාශය කිරීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයට වන්දි සහ නඩු ගාස්තු ගෙවීමට සිදුවූ පුවතක් වාර්තා වෙනවා.

තවත් මාධ්‍ය නාලිකාවක සේවය කරන අමිල සී. චතුරංග විසින් ගොනු කරනු ලැබූ නඩුවකින් ජය ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. තමන් විසින් ගනු ලැබූ ඡායාරූපයක් දිය සලකුණු මකා ප්‍රචාරය කිරීම මෙම නඩුවේ නිමිත්ත වී තිබුණා.

මේ සම්බන්ධයෙන් ඔහු තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙනවා,

“මා විසින් පටිගත කරන ලද කොළඹ නගරයේ කාලපරාස ඡායාරූපකරණයකින් (Timelapse photography) කොටසක් අවසර නොමැතිව දෙරණ මාධ්‍ය ජාලය විසින් භාවිතා කිරීමට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ පවරණ ලද නඩුවේදී නියමිත වන්දි මුදල සහ එහි නඩු ගාස්තු නැවත ගෙවන ලෙසට අද දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ (අංක 1) විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා තීන්දු කරන ලදී 🙌🏻

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles