විනෝදෙට ලංගමට ගල් ගහලා – තරුණයින් තිදෙනෙක්ට වැඩ වරදියි

යාපනය සිට මුලතිව් දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මණ්ඩුවිල් ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් තුන් දෙනෙක් විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මේ වන විට එම තරුණයින් තිදෙනා සහ යතුරු පැදිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා තිබෙන්නේ එය හුදෙක් විනෝදය සඳහා කළ දෙයක් බවයි .

තවද එම ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදු වී ඇති අතර මගීන්ට විකල්ප බස් රථයක් යොදාගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා දී තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles