විපක්ෂයේ සියලු පක්ෂ එක් වෙයි ද?

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,උත්තර ලංකා සභාගය ,නිදහස ජනතා සන්ධානය යන පක්ෂ හා කණ්ඩායම් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පැවසීම ද එහි දිගුවක් බවයි සඳහන් වෙන්නේ.

ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයත් ,2025 වසරේ අගෝස්තු මාසයට පෙර මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති බවත් නියමිත පරිදි මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතියආරක්ෂා කිරීම සඳහ නීති මඟින් කටයුතු කිරීමට හා මහජන බලයක් ගොඩ නැගීමට එම පක්ෂ හා කණ්ඩායම් තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles