පොලිිසියේ වැරදි කියන්න දුරකතන අංකයක්

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව පැමිණිලි කිරීමට මහ ජනතාවට දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ 118 කෙටි දුරකථන අංකයයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවයි.

එම අංකය හරහා තොරතුරු දැනුම් දෙන්නාගේ අනන්‍යතාව හෙළි නොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතින බවත් දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

එසේම ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles