පලස්තීන ප්‍රහාරයෙන් අතුරුදන් වූ අනුලා මිය ගිහින්

අතුරුදන්ව සිටි අනුලා ජයතිලක නමැති අය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

දේහය හඳුනා ගැනීමෙන් පසුව දින දෙකක් ඇතුලත ඊශ්‍රායල පොලිසිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය තානාපති කාර්යාලයට බාර දෙනු ඇති බව පැවසෙනවා.

හමාස් ඉස්ලාමිය සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවට තවමත් තොරතුරු තහවුරු වී නොමැති බවද ඒ අතර තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

අනවසරයෙන් දේශසීමා හරහා ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට ඇතුල්වීමේ දී ඊශ්‍රායල හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා නැවතත් ජෝර්දානයට යැවීමට කටයුතු කරන බවත් මේ වනවිට බටහිර ගාසා තිරයෙන් පවුල් 3 කට අයත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ඉවත් කර ගැනීමට පලස්තීන නියෝජිත කාර්යාලය කටයුතු කර ඇතැයි තමන්ට දැන ගන්නට ලැබී තිබෙන බවත් තානාපතිවරයා ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles