බුද්ධි කීර්තිසේන ජීවන සිනමාවෙන් සමුගනී

චිත්‍රපට නිෂ්පාදකයකු, මාධ්‍යවේදියෙකු, ව්‍යාපාරිකයෙකු මෙන්ම බුද්ධි බතික්හි නිර්මාතෘ බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසු වූ ඔහු, යසෝමා වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළා. ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කරනු ලැබූ ඔහු ලංකාවේ සිනමාව සම්බන්ධ මැදිහත්වීම් ගණනාවක් කරනු ලැබුවා. ඔහු සිනමා ශාලා හිමිකරුවෙක්ද වනවා.

තරුණ සිනමා අධ්‍යක්ෂ විශ්වනාත් බුද්ධික කීර්තිසේන (බූඩි කීර්තිසේන)ගේ පියාද වන බුද්ධි කීර්තිසේනගේ දේහය 19 වැනිදා මධ්‍යහන 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik නිවසේ තැන්පත් කොට, දේහය පිළිබඳ අවසන් කටයුතු එදින ම සවස 4.00ට කොස්වාඩිය සුසාන භූමියේ දී ආදාහනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles