වෛද්‍යවරු කෙහෙළියට පස්ස හරවති

කළුතර රෝහලට අනුබද්ධව කළුතර ගල්ලස්ස ඉදිකර තිබූ මාතෘ හා ළමා රෝහල් සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවය විශේෂඥ වෛද්‍යවරුන් විසින් වර්ජනය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරෝධය පළ කිරීම සඳහා යි. බාල, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට පියවර නොගැනීම ගැන අමනාපය ඔවුන් මෙලෙස පළ කර තිබෙන බව වාර්තා වෙනවා. අනෙක් වෛද්‍යවරු සහ රාජ්‍ය සේවකයන් රැසක් ද එම උත්සවය වර්ජනය කර තිබෙන බවයි දැනගන්නට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles