තම සහය කොතරම්දැයි පෙන්වමින් ලෝක බලවතා හෙට ඊශ්‍රායලයට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) දිනයේ ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය පවසනවා.

ඒ අනුව බයිඩන් ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ ජීවිත හානි අවම වන ආකාරයෙන් සිය මෙහෙයුම් සිදු කරන්නේ කෙසේදැයි පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි එක්සත් ජනපදය කරුණු දක්වා ඇත්තේ.

කෙසේවෙතත් හමාස් සටන්කාමීන්ට එරෙහි යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙලෙස බයිඩන් ඊශ්‍රායලයට යෑමට නියමිත අතර ඊශ්‍රායලයට ඔහුගේ සහය කොතරම්දැයි තහවුරු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles