ධනුෂ්ක ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත්කළ බවට මේ වන විට වාර්තා පළවනවා.

2022 වසරේ දී පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කළේ යැයි එල්ල වූ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට මෙම තහනම පැනවූ අතර ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය පසුගියදා කටයුතු කිරීම හේතුවෙන් තහනම ඉවත්කළ බවයි පැවසෙන්නේ.

ධනුෂ්කගේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ධනුෂ්ක චෝදනාවලින් නිදහස් කිරීමට නිර්දේශ කර තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇති බවටයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles