රනිල් ගිය සමුළුවට වීරවංශත් යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා චීනයේ පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහභාගිවීමට නියමිතයි.

ඔක්තෝබර් මස 17 සහ 18 වන දෙදින තුල චීනයේ බීජිං නුවර පැවැත්වෙන මෙම සමුළුව චීනය රජය සත්කාරකත්වය දරන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සමුළු දෙකෙන් එකක් බවයි සඳහන් වෙන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 90 කට වැඩි ගණනක දේශපාලන නායකයන් සහභාගිවීමට නියමිතව තිබෙනවා.

කෙසේ වූව ද මෙම සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති වික්‍රමසිංහ පසුගිය දා (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles