චීන හුවාවේ ජනපති සමඟ ගිවිසුමක

ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පවසා තිබෙනවා.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස ඊයේ (17) පෙරවරුවේ බීජිං නුවර හුවාවේ සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී සයිමන් ලින්ග් මේ බව කියා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ කියා ඇත්තේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි.

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවේ සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට ද මෙහිදී අත්සන් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles