‍සෙංකෝලය අතගෑ මන්ත්‍රී මාසයකට ගෙදර යවයි

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරනු ලැබුවා.

පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝගයන්ට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පාර්ලිමේන්තුවේදී පවසා මෙම තීරණය ප්‍රකාශයට පත් කළා. අද පාර්ලිමේන්තුවේදී නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ අතර අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා අශෝභන ලෙස හැසිරුණු බවයි කතානායකවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles