ඇමතිවරු දෙකක් එළියට : ආරක්ෂක අංශ වලත් වෙනසක්

ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියෙන් පසු ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශයේ නිලතල වල වෙනසක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් සංශෝධනය මගින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා අමාත්‍ය ධුරයන් වෙනස් කිරීමට නියමත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය මාස කීපයක් තිස්සේ අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති අතර ක්‍රීඩා අමාත්‍යංශය සම්බන්ධයෙන්ද විවිධ ගැටලූ ගණනාවක පවතින නිසා එම අමාත්‍යාංශ දෙක වෙනත් අමාත්‍යවරුන් යටතට පත් කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ලැබෙන විවිධ ඉල්ලීම් මත (පොලිස්පති) ජනපතිවරයා ඉහළම ආරක්ෂක නිලතල වල වෙනසක් සිදු කිරීමට ද සූදානමකින් සිටින බව ද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles