ඩේවිඩ් සහ මිචෙල් , දිල්ශාන් සහ උපුල් ළගටම එයි

ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ්ට, ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැඟූ ඉහළම ලකුණු සබඳතාවේ වාර්තාව අලුත් කිරීමට තිබූ අවස්ථාව අද (20) අහිමිව ගියා.

පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී මෙම වාර්තාව අලුත් කිරීමට ඔස්ට්‍රේලියානු අරම්භක පිතිකරු යුගලය වන ඩේවිඩ් වෝනර්ට හා මිචෙල් මාෂ්ට ඉතාම ආසන්න අවස්ථාවක් තිබුණු නමුත් මිචෙල් මාෂ් ලකුණු 121කට දැවි ගියා.

ඒ වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව තිබුණේ, ලකුණු 260ක් ලෙසයි. ටී.එම්.දිල්ශාන් සහ උපුල් තරංග විසින් 2011 ලෝක කුසලානයේ දී ආරම්භක සබඳතාව ලෙස 282ක් රැස් කළා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී . එහි දී මාෂ් ගේ දැවී යාමත් සමඟ එම වාර්තාව තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතර සුරැකි ව පවතිනවා.

ඒ අනුව වසර 12ක් තිස්සේ තවමත් නොබිඳී පවතින්නේ, ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ ටී.එම්.දිල්ශාන් සහ උපුල් තරංග දෙදෙනා තැබූ ලකුණු 282ක ආරම්භක සබඳතාවේ වාර්තාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles