ඩයනා ගමගේට රෝහණ බණ්ඩාර පහර දුන්නා ද : කමිටුවත් පත් කරයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර අද(20) පාර්ලිමේන්තුවේදී පහර දී තිබෙනවා.

මෙම පහර දීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ පුස්තකාලය අසළ දී සිදු වූ බවයි ඩයනා ගමගේ පවසන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහන බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ මෙසේයි.

“තමන් පාඩුවේ සිටින විට ගලි බවුසරයක් ඇවිත් ඇගේ පෙරලුණා බව විදුලි සෝපාන ළඟට යන විට ඩයනා තමන්ට බනිමින් කලිසම ගලවනාවා කිව්වා. දැන් කාන්තාවන්ගෙන් පුරුෂ අයිතිය රැක රැකගන්න සිදුවෙලා.එලියෙදි බලා ගමු කියා බැන්නා. පුරුෂයන් ලෙස අපටත් ආරක්ෂා විය යුතුයි .අප සතුව වීඩියෝ තිබෙනවා.

එම අවස්ථාව නිරික්ෂණය කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කරන්නේ ඔය කියන විදියට පහරදීමක් වුණේ නැහැ.මම පාර්ලිමේන්තුවේ බිම් මහලට යනවිට අසභ්‍ය වචනයෙන් රෝහන බණ්ඩාරට බනින අයුරු දුටුවා. මෙහෙම දේවල් කරන්න එපා යැයි මම කිව්වා. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා

කෙසේ වූව ද මේ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට පියවර ගැනුණා.

අගමැතිවරයාගේ ඉල්ලීම අනුව ඩයනා ගමගේට කතානායකවරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්තාව ලබා දෙමින් මෙලෙස පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇති අතර ඒ සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles