IMF දෙවැනි වාරිකය සූදානම්!

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු සමාලෝචන වැඩසටහනින් පසු දෙවැනි ණය වාරික මුදල ලබා දීමේ කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (ඔක්.19) නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා තිබෙනවා.

ඩොලර් මිලියන 330ක් දෙවැනි වාරිකය ලබා දීමට පෙර ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු වෙනවා.

“සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්නුම් කරයි” යනුවෙන් නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා. කල්පවත්නා ආර්ථික වෙනස්කම් සහ දූෂණ මැඩලීම සම්බන්ධයෙන් තවදුරටත් ඔවුන් අවධානය යොමු කරන බව ද එහි දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles