ලිට්‍රෝ ගෑස් 200කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් එළඹෙන මිල සංශෝධනයේදී නැවත වරක් කිලග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 200 කට අධික මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් ආරංචි මාර්ග පවසනවා.

ලෝක වෙළදපළේ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල වැඩි කිරීමට සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට අවම බලපෑමක් වන ආකාරයට ගෑස් මිල ඉහළ දැමීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම ආරංච් මාර්ග පවසනවා.

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මීළඟ ගෑස් මිල සංශෝධනය ලබන නොවැම්බර් මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

එසේම ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල මෙම මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 343 කින් වැඩි කළ අතර එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,470 ක් බවට පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles