යටි අරමුණු නැතුව උදව් කරනවා – චීන ජනපති කියයි!

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පවසා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ඇඟයීමට ලක් කර තිබෙනවා. චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles