සරත්ට, ප්‍රසන්නට ඇමරිකාව දොර වසයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනය විසින් ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීමට නම්කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට ඇමෙරිකානු වීසා ලබාදීම අසීරුබව රාජ්‍ය තාන්ත්‍රිකව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම සංචාරයේ කණ්ඩායම් නායකයා ලෙසද නම් කර තිබුණා.

එලෙස වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට අදාළ නඩුවක් සහ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට අදාළව යුද සමයේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් අනුව බව සඳහන් වෙනවා. මෙයට පෙරද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට අදාළව නඩුවකින් ඔහු වරදකරු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles