ගුවනේ දී ලාංකික කාන්තාවක් මිය ගිහින්

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර , ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් තිබෙනවා.

ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු වන ඇය 40 හැවිරිදි මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක්.

ඇය අද (23) අලුයම 01.17 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම මරණය සිදු වී ඇත්තේ එම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබියදී.

මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles