සයිබර් පනතට නීතිපති සංශෝධන ඉදිරිපත් කරයි

මාර්ගගත ආරක්ෂණ පනතට නීතිපති විසින් සංශෝධන 32ක් ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසනවා.

එසේම මෙම පනත ව්‍යස්ථා විරෝධී පනතක් බවත් එයට පාර්ලිමේන්තුව තුළ ද දැඩි විරෝධයක් මේ වන විට මතුව ඇති බවත් පවසන ඔහු මෙම පනත පාර්ලිමේන්තුවේදී ම පරාජයට පත් කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

මෙම පනත ආණ්ඩුව රැගෙන එන්නේ ජනතාවගේ අයිතිවාසිකම් හැකිළීමට බවත් මෙම පනත සම්මත වුවහොත් ඉදිරි මැතිවරණවලදී අපක්ෂපාතී වාර්තාකරණයක් කිරීමට නොහැකි වන බවත් ජී.එල්. පීරිස් සඳහන් කරනවා.

ප්‍රතිත්‍රස්ත පනත ද මේ හා සමාන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් බවත් එම පනත සම්මත වුවහොත් ද ඇති වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් ඔහු පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles