මැතිසබේ ගුටිබැට සිද්ධිය කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පසුගිය 20 වැනිදා සිදු වූ ගුටිබැට හුවමාරු කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ කමිටුව සිය පළමු රැස්වීම ලබන මස 6 වැනිදා කැඳවීමට අද තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පා.ම.සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන අයද සිද්ධිය ඒ අවස්ථාවේ දුටු සියලු දෙනාද මෙම කමිටුව වෙත කැඳවීමට ඔවුන් තීරණය කර ඇති බවයි දැක්වෙන්නේ.

අදාළ සී.සී.ටී.වී. දර්ශන කමිටුව විසින් අද නරඹා ඇති බව වාර්තා වෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක කටයුතු කරනවා.

මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුවී ඇති බවත් මෙම සිද්ධිය එහි ගෞරවයට හානියක් නිසා මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට කමිටුව තීරණය කළ බව නියෝජ්‍ය කතානායකවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles