නේපාල කෝටිපතියා යුනියන් බැංකුව අයිති කරගනී

ෆෝබ්ස් ලැයිස්තුගත නේපාල බිලියනපතියෙකු වන බිනෝද චෞද්රිගේ සීජී කෝප් ග්ලෝබල් සමාගම (CG Capital Partners Pvt Ltd) යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සීහි බහුතර කොටස් අත් කරගෙන තිබෙනවා.

රුපියල් බිලියන 9.1 වෙළඳපල ප්‍රාග්ධනයක් ඇති යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත බැංකු දොළහ අතර තිබෙන්නක්.

CG Capital Partners Pvt Ltd යනු සමාගම් 160 කට අධික සංඛ්‍යාවක් සහ 15,000 කට අධික සේවක සංඛ්‍යාවකින් යුත් ගෝලීය වෙළඳපොලේ සන්නාම 123 කින් සමන්විත ආසියාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වනවා. නේපාලයේ ප්‍රධාන බැංකු හිමිකරුද වන්නේ මෙම සමාගමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles