25 ට වැඩි අයට අංශභාග රෝගී අවධානමක්

වයස අවුරුදු 25 ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයෙකුම ආඝාත (ස්ට්‍රෝක්) රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර සඳහන් කරනවා.

ආඝාත තත්වය එක් වරක් වැළඳුනහොත් ඉන් සියයට 25 කටම යළි වැළඳීමේ හැකියාව පවතින බවයි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පවසන්නේ.

එසේම ලංකාවේ ආඝාත රෝගීන් ලක්ෂ දෙකක් පමණ සිටින බවත්, වයස අවුරුදු 35 ට වැඩි සියලු දෙනා සුවදිවි සායන වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගත යුතු බවත් සඳහන් කර ඔහු රට පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල මේ සායන ක්‍රියාත්මක වන බව සඳහන්.

මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස මුහුණේ එක් පසක ඇදවීම, වචන පැටලීම, අතක, පාදයක පණ නැති වන ආකාරයක් දැනීම පෙන්වාදිය හැකි අතර මෙවැනි රෝග ලක්ෂණ මතුවුවහොත් ගොඩ බෙහෙත් නොකොට රෝහල් සමඟ කටයුතු කිරීම සුදුසු බවයි ඔහු සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles