මාධ්‍යවේදීයෙකුගේ පවුලම අවසන් ගමන් යයි

ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ප්‍රවෘත්ති වාර්තාකරුවෙකුගේ පවුලේ සාමාජිකයින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ බව අල් ජසීරා මාධ්‍ය ජාලය තහවුරු කරනවා.

ඒ අනුව වඑල් අල්-ඩහ්ඩූහ්ගේ බිරිඳ, නව යොවුන් වියේ පසු වූ පුත්‍රයා සහ කුඩා දියණිය බදාදා මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරක දී මරණයට පත්ව ඇති බවයි අල් ජසීරා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එසේම ඔහුගේ මුණුපුරා ද මියගොස් ඇති බව ද එම වාර්තා සඳහන් කරනවා.

කෙසේ වූව ද අල් ජසීරා මාධ්‍ය මෙම ඝාතන සහ ඊශ්‍රායලයේ “වග විභාගයකින් තොර ප්‍රහාරය” හෙළා දුටුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles