NLDB කිරිහලේ මුරකරුගේ අතපය බැඳලා ගහලා මරලා

ගලේවෙල, බෙලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කිරි අලවිසැලේ මුරකරු ඝාතනය කොට එහි දොරක වීදුරුව කඩා වෙළෙඳසලට ඇතුළු වී භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් ඊයේ 26 වැනි දින වාර්තා වී ඇති බව ගලේවෙල පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කොට ඇත්තේ ගලේවෙල පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි එම වත්තේ සේවය කළ කේ. ස්වාමිනාදන් නමැති 52 හැවිරිදි තිදරු පියෙක්.

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගලේවෙල, බෙලිගමුව වත්තේන් පාලනය වන දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට පිහිටා ඇති NLDB අලෙවිසලේ මුරකරු 25 දින සේවයට පැමිණ සිටියදී රාත්‍රි කාලයේදී කිසියම් පිරිසක් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

අලෙවි සැලේ මුරකරු වු මෙම පුද්ගලයාට පහරදී අත්පා සහ මුඛය රෙදි පටිවලින් ගැටගසා එම ස්ථානයෙන් පහළට ඇද දමා ඇතැයි පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හදුනාගෙන තිබෙනවා.

දින පතා මුරකරුට උදේ උදෑසන ආහාර රැගෙන පැමිණි කාන්තාවක් මුරකරු පෙනෙන්නට නොමැති නිසා අවට අයට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව විස්තරය හෙළි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles