පලස්තීනුවන්ගේ අපේක්ෂා භංග වෙලා :UN

පලස්තීනුවන් දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත පැන තිරිඟු පිටි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සොරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

ඒ සිවිල් සාමය බිඳ වැටීමට පටන් ගෙන ඇති බවට සලකුණක් බවත් ඊශ්‍රායල හමුදාවන්ගේ දැඩි ප්‍රහාර හමුවේ පලස්තීනුවන් බියෙන්, කලකිරීමෙන් සහ මංමුලා සහගතව පසුවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

උතුරු ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන් විශාල වශයෙන් දකුණු ගාසා තිරයට පැමිණෙන බවත් ඒ හේතුවෙන් දකුණු ගාසා තීරයේ පොදු සේවා බිඳ වැටී ඇති බවත් එම සංවිධානය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles