බීමතින් රිය අනතුරු කළ හිටපු ජ්‍යෙ.පොලිස් අධිකාරි නොවැ.1 දක්වා රිමාන්ඩ්

බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනෙවිරත්න නොවැම්බර් 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඊයේ නියෝග කර තිබෙනවා.

සෙනසුරාදා රාත්‍රියේ බීමතින් රිය පැදවීමේදී වාහන කිහිපයක ගැටීම සම්බන්ධයෙන් හිටපු පොලිස් අධිකාරිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගේ මෝටර් රථය බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ධාවනය කරමින් සිටියදී වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව්හි නවතා තිබූ වැගන් ආර් රථයක සහ බස් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.

වැල්ලවත්ත පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ හිටපු පොලිස් අධිකාරිවරයා බීමතින් සිටියේ දැයි සොයා බැලීමේ පරීක්ෂණයකදී බීමතින් සිටි බවට තහවුරු වූ බවයි. ඔහුගේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles