හමාස් – ඊශ්‍රායලය යුද්ධයට මැදිව මාධ්‍යවේදීන් 29 ක් මරුට

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව රාජ්‍ය නොවන සංවිධානයක් වන මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසනවා.

ඒ ඔක්තෝබර් හත්වන දා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර වශයෙන් පලස්තීනයට දිගින් දිගට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් බවයි සඳහන් වෙන්නේ.

ඔක්තෝබර් 29 දක්වා කාලය තුළ මරණයට පත් වූ මාධ්‍යවේදීන් අතර පලස්තීන ජාතිකයින් 24 දෙනෙකු , ඊශ්‍රායල ජාතිකයින් හතරදෙනෙකු සහ එක් ලෙබනන් මාධ්‍යවේදියෙකු ද සිටින බවයි සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles