පොහොර මිලට රජය අත තියයි

පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි වීම මීට හේතුව බවයි.

ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.

පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ෂණයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles