ගම්පහ ලාදුරු රෝගීන් වැඩිවෙයි

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් පවතින බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි අවදානයෙන් සිටිය යුතු බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය අවධාරණය කර සිටිනවා.

මෙම වසර තුළදී රෝගීන් හදුනාගැනීම පිනිස සිදු කරන ලද පරීක්ෂාවන් අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනාගත් බවයි දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නීලංගී සුබසේකර පවසන්නේ.

මෙම රෝගී තත්ත්වය හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත්විය හැකි බවත් ලදුරු රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීමෙන් විකලාංග තත්ත්වයකට පවා පත් විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.

හිරිවැටීම සහ සමෙහි ළප කැළල් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සමේ රෝග සායනයක් හෝ සමේ රෝග වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවයි වෛද්‍යවරිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles