ඊශ්‍රායලය සරණාගත කඳවුරක් ගිනිබත් කරයි

ගාසා හි ජබාලියා සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහි දී සරණාගත කඳවුරේ සිටි සිවිල් වැසියන් 50 දෙනකු මියගිය බවත් 150 දෙනකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

නමුත් ඒ පිළිබඳව ඊශ්‍රායලය පවසන්නේ හමාස් ප්‍රධානියකු ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කළ බවත් එම ප්‍රහාරයෙන් එම පුද්ගලයා මියගිය බවත්ය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට සිදුවූ හානිය හේතුවෙන් ඊශ්‍රායලය වෙත විරෝධය සමඟ පලස්තීන ජනයාගේ කෝපය පළවී තිබෙන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ 1948 අරාබි-ඊශ්‍රායල යුද්ධවලින් අවතැන් වූ ජනතාව සහ ඔවුන් ගෙන් පැවතෙන පිරිස් බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles