හොර ලියුම් ගසා බෙහෙත් ගෙන්වූ සමාගම් ලොක්කා අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි යොදාගෙන මෙරටට ගෙන්වා තිබූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ තොගය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඖෂධවල අඩංගු වූයේ සේලයින් වැනි ද්‍රාවණයක් බව එවක සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියා. මෙය එවක විවේචනයට ලක් වුණා.

කෙසේ වෙතත්, මෙම ඖෂධ නිසාවෙන් සංකූලතා මතු වූ බවට වෘත්තීය සමිති චෝදනා කළා. මෙම ඖෂධය ඉතා සුපරීක්ෂාකාරීව නිෂ්පාදනය කළ යුතු එකක් වුවත් මෙම සමාගම එයට අවශ්‍ය කිසිදු කොන්දේසියක් සපුරා නොතිබූ බවත්, තනිකරම ව්‍යාජ ලියකියවිලි මතින් එ්වා ගෙන්වූ බවත් වැඩිදුරටත් චෝදනා එල්ල වුණා.

මේ හරහා අතිවිශාල මුදලක් වංචා කළ බවටයි විවිධ අංශ වෙතින් චෝදනා නගනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles