ඊශ්‍රායල සහ පලස්තීන සටන් නවතන්න : අමෙරිකාව කියයි

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඒ ඊයේ (01) රාත්‍රීයේ ද ගාසා තීරයේ දරුණු සටන් පැවති අතර ගාසා තීරයේ හිරවී සිටි විදෙස් ජාතිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යෑමට අවස්ථාව ලැබීමත් සමඟ..

එහිදී විවිධ රටවල පුද්ගලයින් 400ක් සහ තුවාල ලබා සිටි විශාල පිරිසක් ඊජිප්තුවට යන අයුරු දැකීමට හැකි වුණා.

කෙසේ වූව ද ඊශ්‍රායලට එල්ල වුණු හමාස් ප්‍රහාරයක් හේතුවෙන් පසුගිය මාසයේ 7 වෙනිදා ලෝකයේම යුද්ධය ආරම්භ වුණා.එහි දී ඇමරිකාව ඊශ්‍රායලට සහය දක්වන බවටත් එය ස්මාට් ඉන්වෙස්මන්ට් එකක් බව පවසමින් ජෝ බයිඩ්න් පවසමින් සටන් විරාමයකට එළඹීම සදහා වන යෝජනාවටද විරෝධය පළ කළා.

කෙසේ හෝ එවන් පසුබිමක හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එම ප්‍රකාශය පිළිබදව මේ වන ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles