සේවා දිගු පොලිස්පති

ඊයේ සේවා දිගුව අවසන් වූ පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත නැවත ජනපතිවරයා විසින් සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

ඔහුට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද පොලිස්පතිවරයා වෙත ලබා දී තිබුණා.

නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට ආණ්ඩුවේ දේශපාලන සංයුතිය බලපෑම් කරමින් තිබෙන බව නොරහසක්. කෙසේ වෙතත් ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පති ධුරය පිරිනමන්නට යන බව පැතිරුණු ආරංචිය නිසා බොහෝ පිරිස් මාධ්‍ය සාකච්ඡා පවා තබමින් ඊට විරෝධය පළ කළා. ඒ ඔහුගේ දේශපාලන ගැති භාවය ගැන සඳහන් කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles