මලයහ ජනතාවගේ අධ්‍යාපනය නංවන්න ඉන්දියාවේ උදව්

මලහය ජනතාව හෙවත් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා ඉන්දීය රජය මැදිහත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඊයේ (2) පැවසුවා. ඇය මෙසේ පැවසුවේ මලයහ ප්‍රජාව මෙරට පැමිණ වසර 200 සැමරෙන උත්සවයට සහභාගි වෙමින්.

අධ්‍යාපනය කිසිදු බලවේගයකට විනාශ කළ නොහෙන එකම ධනය බව ඉන්දීය රජයේ විශ්වාසය බව ඈ එහිදී පැවසුවා. මලයහ ජනතා සුබසාධනය වෙනුවෙන් බොහෝ පියවර ගන්නා අතර අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව ගුරු පුහුණු අවස්ථා ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ගුරු පුහුණු ශිෂ්‍යත්ව ලබා දෙන බවත්, ගුරු පුහුණු උපදේශකයන් මෙහි එවීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් පවසනවා.

මලයහ ජනතාව වෙනුවෙන් දැනට ගොඩ නගා ඇති නිවාස 4000ට අමතරව තවත් නිවාස 10000ක් ලබා දීමේ ව්‍යාපෘතියකට ද ඊයේ මුල්ගල් තැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles