ෂැංග්‍රිලා හෝටලයදී රනිල් – මහින්ද හමුවක්

පසුගිය දිනෙක ජනපති රනිල් වික්‍රමසිංහ ෂැංග්‍රිලා හෝටලය වෙත ගියේ සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වැනි සැමරුමට එක්වීමටය. මේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටි අතර ඔවුන් දේශපාලනයෙන් තොර කතා බහේ නිරත වූයේ එකම මේසයේ අසුන් ගෙන සිටීම නිසාවෙනි.

ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව ඉකුත් බදාදා පෙරවරුවේ පැවැතියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ මූලිකත්වයෙනි. එහිදි ඔහු කියා සිටියේ මාර්ග ආරක්ෂාව ගැන තීන්දු තීරණ ගැනීමට ඉහළ පෙළේ කමිටුවක් පිහිටුවීමට ජනපති නියම කර ඇති බවකි.

අය වැය යෝජනා ලබා ගැනීමට මෙන්ම රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශීය ව්‍යාපාරිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ ජනපති රනිල් සාකච්ඡා කළේ ද එදිනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles