බඩ උඩ නැගගෙන “යුක්තිය” දෙන හැටි

කුරුණෑගල වෙඬරුව ප්‍රදේශයේ දී පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අමානුෂික ආකාරය දැක්වෙන වීඩියෝවක් වට්ස්ඇප් යෙදවුම හරහා සංසරණය වෙනවා. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තරුණයෙකු මත නැගී පහර දෙන්නේ කෘෘර අන්දමින්.

එම තරුණයා කකුල් දෙක කඹයකින් ගැටගසා මෙල්ල කිරීමෙන් අනතුරුවත්, ඔහුට පළා යාමට කිසිදු ඉඩක් නැති තත්වයකදීත් අදාළ නිලධාරියා තරුණයාගේ උදරය මත නැගී වැරෙන් මුහුණට පහර දෙන අයුරු එහි දකින්නට ලැබෙනවා.

නව වැ.බ. පොලිස්පතිගේ සහ මහජන ආරක්ෂක ඇමැතිගේ “යුක්තිය” නම් මෙහෙයුම අතරතුර බොහෝ විට සිවිල් පුරවැසියන් තාඩන පීඩනවලට මුහුණ දෙන අවස්ථා ගැන නිතර ඇසීමට ලැබෙනවා. වැඩ ඇරී එන කලට මිනිසුන්ගේ සකල සර්වාංගයම පරීක්ෂා කරන්නේ කිසිදු වගවිභාගයකින් තොරව බව සමාජ ජාලවල සමහර දෙනා අදහස් දක්වා තිබෙනවා. එසේම සැක පිට නිවෙස් සෝදිසියේදීද වයෝවෘද්ධ පිරිස් සිටින නිවෙස් පවා කිසි මානුෂීය බවකින් තොරව පරීක්ෂා කරන බව සමහර වීඩියෝවල දැක්වෙනවා.

පෙර සිදුවීමට අදාළ වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකියි. (සංවේදී දර්ශන සහිතයි)

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles