යාපනයේ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් විනාශ වුණේ ඇයි? : විමර්ශනයක්!

යාපනයේ කුප්පවේලී ප්‍රදේශයේ ගබඩාවක බීජ අර්තාපල් මේට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි අයුරින් දිලීරයක් වර්ධනය වී තිබෙනවා. එසේ වී ඇත්තේ අර්තාපල් නිසි පරිදි ගබඩා නොකිරීමෙන් බවයි මූලික විමර්ශනවලදී වාර්තා වී ඇත්තේ.

මෙලෙස විනාශ වී ඇත්තේ, මෙරට ගොවින්ට බෙදා දීමට සැලසුම් කර ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බීජ අර්තාපල් තොගයකින් කොටසක්.

දිලීර විශේෂයක් හා බැක්ටීරියා ආසාදනය වී ඇත්තේ එම අර්තාපල් තොගයෙන් 40%කට බව හෙළි වී තිබෙනවා.

මේ සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය එම වාර්තාව ලබා දී ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles