ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දින මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පණත් කෙටුම්පතේ ප්‍රධාන කරුණු පහත දැක්වෙනවා. මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 78 වැනි විසර්ජන පණත් කෙටුම්පතයි. ජනාධිපතිවරාය අය-වැය ලේඛනය ඉදිරිපත් කරමින් පැවසුවේ සාටෝපවත් ජීවිතයකට වඩා බෞද්ධ දර්ශනානුකූලව ආදායමට සරිලන ජීවිතයක් ගත කිරීම කළ යුතු බවයි.
- රජයේ සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම.
- විශ්‍රාමික ජීවන වියදම් දීමනාව 2500කින් වැඩි කිරීම.
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායකත්වය සියයට 8ක් දක්වා වැඩි කිරීම.
- රජයේ සේවකයන්ට නැවත ආපදා ණය ලබා දීම.
- අස්වැසුමට තුන්ගුණයක් ප්‍රතිපාදන.
- වැඩිහිටි දීමනාව රු. 1000කින් වැඩි කිරීම.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා රුපියල් බිලියන 30ක ණය පහසුකම්.
- ගොවි ඉඩම් අයිතිය සඳහා බිලියන 4ක්.
- වතුකරයේ නිවාස ඉදිකිරීම් සඳහා ඉඩම් අයිතිය ලබා ගැනීමට බිලියන 4ක්.
- බිම්සවිය වෙවනුවෙන් රුපියල් මිලියන 600ක්.
- ආබාධ සහ වකුගඩු රෝගී දීමනාව රු.2500ක් වැඩි කිරීම.
- නවතා දැමූ ව්‍යාපෘති ඇරඹීමට බිලියන 55ක්.
- ස්වභාවික විපත් නිසා හානි වූ පාලම්, මාර්ග නඩත්තුවට රු. බිලියන 2ක්.
- නව විශ්වවිද්‍යාල 4ක් .
- විශ්වවිද්‍යාල දියුණුවට රු. මිලියන 500ක්.
- පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයක්. රැකියා ලද පසු ගෙවීමට ඉඩ.
- ජාතික උසස් අධ්‍යාපන කොමිසමක්.
- විදෙස් රැකියා සිසුන් පුහුණුවට ශ්‍රී ලංකා පදනම් ආයතනයට මිලියන 150ක්.
- ඉංග්‍රීසි භාෂා වර්ධනයට රුපියල් මිලියන 500ක්.
- පාසල් දරුවන්ට නැවත සුරක්ෂා රක්ෂණය
- ඖෂධ මිලදී ගැනීම් සඳහා වෙනම ආයතනයක්.
- බදුල්ලට හෘද, පෙනහළු ඒකකයක්.
- කෘෂිකර්ම නවීකරණයට රුපියල් මිලියන 2500ක්.
- මිරිදිය ධීවර කර්මාන්තයට රුපියල් මිලියන 200ක්.
- උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචිය සඳහා රුපියල් මිලියන 2000ක්.
- පුනරින් නගර සංවර්ධනයට රු. මිලියන 500ක්.
- පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට මිලියන 2500ක්.
- අතුරුදන් වූවන්ට වන්දි සඳහා රු. මිලියන 1000ක්.
- බණ්ඩාරවෙලට ආර්ථික මධ්‍යස්ථානයක්. මිලියන 250ක්.
- මහනුවරට බෞද්ධ කෞතුකාගාරයක්. මිලියන 200ක්.
- පාසල් සහ පළාත් ක්‍රිකට් සඳහා බිලියන 1.5ක්.
- හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටක්. රුපියල් බිලියන 2ක්.
- ජනසභා ලේකම් කාර්යාල සඳහා රු. මිලියන 700ක්.
- ණය ගැනීමේ සීමාව රු.බිලියන 3900 සිට බිලියන 7350ක් දක්වා වැඩි කිරීම.
- කොත්මලේ දේශගුණ විශ්වවිද්‍යාලයක්. ඒ සඳහා අක්කර 600ක්.
- දේශගුණ විපර්යාස කොමිසමක්.
හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තු සභාවාරය කල් තබා තිබෙනවා.