ජනපතිවරයාගේ අය-වැයේ මුල් කොටස පුරාම සමන්විතව තිබුණේ පාපෝච්ඡාරණයකින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක පවසනවා. ඒ කතාව තුළ ඔහු පැහැදිලි කරනු ලැබුවේ අවුරුදු 75 කාලයක් කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට බලයට පත් වී ලබා ගත් ප්‍රතිඵලය බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත්, එයින් මිදීමට අවශ්‍ය බව කියමින් නැවතත් ජනාධිපතිවරයා යෝජනා කර ඇත්තේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම සහ විකිණීම යන පැරණි ක්‍රියාවලියම බවට ජවිපෙ නායකයා චෝදනා කරනවා. ජනාධිපතිවරයා අය-වැය ලේඛනය මගින් කෝටි 3900ක් ණය ගැනීමට යෝජනා කර තවත් ණය ගැනීමට ද යෝජනා කිරීම ගැන ඔහු තවදුරටත් සඳහන් කළා.
රට පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මෙම අය-වැය තුළින් ඉදිරිපත්ව නැති බවයි අනුර දිසානයක මන්ත්‍රීවරයා පවසා සිටින්නේ.