2024 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරඟ කාල සටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් 2024 අනාගත සංචාර වැඩසටහන සඳහා පිරිමි ජාතික කණ්ඩායම් කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික කණ්ඩායම සිය 2024 ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් ආරම්භ කරනවා.

එසේම එය එක්දින තරඟ තුනකින් සහ T20 තරඟ තුනකින් සමන්විත වන බව ද එම නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඉන් අනතුරුව ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් ටෙස්ට් තරඟයක්, එක්දින තරඟ තුනක් සහ T20 තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි.

ඉන්පසුව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 වෙත යාමට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සියලු ආකාරයේ සංචාරයක් සඳහා බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිතව පවතිනවා.

2024 වසරේදී FTP යටතේ ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ජාතික කණ්ඩායම වසර මැද භාගයේදී එංගලන්තයේදී තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලියකට ද තරඟ වදිනු ඇති අතර 2024 වාරය දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත සංචාර වලින් අවසන් වන බවයි පැවසෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 2024 කාලසටහන පහත දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles