දිස්ත්‍රික්ක 9කට සරම්ප විදියි

මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

“කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, ගාල්ල, කල්මුණේ කියන ප්‍රදේශ 09 මූලික කරගෙන මෙම එන්නත් වැඩසටහන දියත් කරන බව පවසන වෛද්‍ය ගිනිගේ, අඩු වයසේ දරුවෙකුට සරම්ප හැදුණොත් දිගුකාලීන සංකූලතා සිදුවන බව අවධාරණය කරනවා. මේ අමතර එන්නත් මාත්‍රාවක්. වයස සම්පූර්ණ වෙනකොට නියමිත එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වෙනවා“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles